Sounds and Voices- Listened and Heard---
Why do they cling and ring in us?

ඇහුනු, අහපු, අස්සවපු, මේ කනෙන් අහල අනිත් කනින් පිට කරපු හඬ සහ ගොස බොහොමයි.
ඒත් මතක තියෙන්නේ කිහිපයයි.
ඇයි ඒ?

Followers

Friday 16 November 2012

මේ සින්දුව නන්දා  මාලනිගේද? කසුන් කල්හාරගේද?
(නන්දා  මාලනී ඝාතනය 02)
Audio Blog එකට Link එක පහලින් 


http://yourlisten.com/channel/content/16927641/Charitha_Samaga_19

3 comments:

  1. මේකට මට නම් කියන්න හිතෙන්නේ "ගීතය ගණිකා වෘත්තියේ යොදවනවා" කියලා. අපි ගණිකාවක් දිහා බැලුවොත් ඇයත් එක්තරා යුගයක සොඳුරු, මන බඳින යුවතියක්ව සිටිනවා. පෙම්වතෙක් හෝ සැමියෙක් සමග ජීවිතයක් ගත කළහොත් අර සොඳුරු බව පවත්වාගෙන යන්න පුළුවන්. ඒත් අතින් අතට යන තත්වයට පත් වෙලා ගණිකාවක් දක්වා යන ගමනේදී ඇගේ තියෙන මේ සොඳුරු බව ඇගේ සේවාදායකයන් උදුරා ගන්නවා. ඇය ටික කාලෙකින් තේරුම් ගන්නවා ගනුදෙනුකරුවාගේ අවශ්‍යතාවය, ඉන්පසු එයට හදගැහෙනවා. අර රෙගේ වගේ ස්ටයිල් ගීතයට එකතු කරන්නෙත් අන්න ඒ වගේ. රෙගේ කියන්නේ නරක ශයිලියක් කියලා නොවෙයි මම කියන්නේ. ඒත් ලංකාවේ කාන්තාවක් කැරිබියන් යුවතියක් ලෙස හැඩ වැඩ ගැන්නිලා ඉන්නවා අප කොතෙකුත් දැක තිබෙනවා. එත් අර ඔරිජිනල් ගතිය ගන්න බෑ. ඕනෑම ගීතයකට අනන්‍යතාවක් තියෙනවා. ඒක තමයි මෙතැනදී කාලා දැම්මේ.

    ReplyDelete
  2. පැහැදිලි කිරීම නම් අපූරුයි.
    "... ඕනෑම ගීතයකට අනන්‍යතාවයක් තියනවා ..."
    හරියටම හරි. බොහොම ස්තුතියි.

    ReplyDelete
  3. well said charitha
    ළඟ පාතක හිටියානං උඹව බදාගෙන වැළඳගන්නවා චරිත .
    කසුන් කල්හාර වගේම නන්දා මාලනිත් අද මේ වෙළඳපොලේ විකිනෙනවා .ඒත් කසුන්ට විතරක් නෙමෙයි නන්දමාලිනියටත් තමන්ගේ ගීතයක් ශ්‍රාවක බලාපොරොත්තු කඩකරමින් වෙනස් කරන්නට සදාචාරාත්මක අයිතියක් තිබෙන්නට විදියක් නැහැ . මේ වගේ ගීත අද අයිතිවියයුත්තේ ජාතියට .
    මටනම් පෙනෙන්නේ මෙතන කසුන් කරන්නේ සංවිධානාත්මක සොරකමක් . ඔහු මඩවලයන්ගේ පදමාලාව විකෘති කරන්නේ නොදැනුවත්ව නොවෙයි . කසුන් කල්හාර කියන්නේ වචන හා අරුත් ගැන හොඳ වැටහීමක් ඇත්තෙක්. ඔහු මෙතැන දී කරන්නේ පැහැදිලිවම නීතියෙන් ගැලවීමට. දැන් පදමාලාව වෙනස් . දෙන්නේ වෙනස් අරථයක් .මෙවැනි ගීත විකෘති කිරීම් අධිකරණයට ගියහම හොරාට වාසි වෙන්න තමයි මෙහෙම කරන්නේ .
    මිනිස්සු හැමදාම එකවිදියට සිතියයුතු නැහැ. එහෙත් වෙනස් වීමේ දිශාව යටි අතට වුනහම කියන්න වෙන්නේ පිරිහෙනවා කියල. තමන්ගේ දෙමව්පියන්වත් දුෂණය කරන මට්ටමට පිරිහෙනකොට තවත් නම් භාවිතා වෙනවා

    ReplyDelete