Sounds and Voices- Listened and Heard---
Why do they cling and ring in us?

ඇහුනු, අහපු, අස්සවපු, මේ කනෙන් අහල අනිත් කනින් පිට කරපු හඬ සහ ගොස බොහොමයි.
ඒත් මතක තියෙන්නේ කිහිපයයි.
ඇයි ඒ?

Followers

Sunday 30 December 2012

'අපේ සංගීත කලාව ලඟ කවුරු හරි ගහන්න- "බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු" කියලා 
-මධු මාධව අරවින්ද 
Audio Blog එකට Link එක පහලින් 

Sunday 23 December 2012

ගෙම්බන්ගේ හඬට හැඩයක් දෙමු.
ස්තුතිය - දීප්ත කුමාරට 
Audio Blog එකට Link එක පහලින් 

Sunday 16 December 2012

"ReMix බොරුවක්!"
Vincent de Pasqualle
(නන්දා මාලනී ඝාතනය 03)
Audio Blog එකට Link එක පහලින් 

Thursday 6 December 2012

නිකං  කෑ  ගහන කටෙන් නිර්මාණාත්මක දේවලුත් කරන්න පුලුවන් .
ස්තුතිය- බ්ලොග් මිතුරු දිල්රුක් සුභාෂ් කන්නන්ගරට (සුදීක)
Audio Blog එකට Link එක පහලින් 

Thursday 29 November 2012

අනිත්‍ය ගැන මෙනෙහි කරමින් නටමු.
Audio Blog එකට Link එක පහලින් 
http://yourlisten.com/channel/content/16930198/Charitha_samaga_21

Tuesday 20 November 2012

ගී ගැයීමේ වරදට ජීවිතයෙන් වන්දි ගෙවූ හඬ 
Audio Blog එකට Link එක පහලින් 
http://yourlisten.com/channel/content/16928458/Charitha_samaga_20

Friday 16 November 2012

මේ සින්දුව නන්දා  මාලනිගේද? කසුන් කල්හාරගේද?
(නන්දා  මාලනී ඝාතනය 02)
Audio Blog එකට Link එක පහලින් 


http://yourlisten.com/channel/content/16927641/Charitha_Samaga_19

Wednesday 7 November 2012

අපි ලෝකේ තියෙන කුණු ගොඩක් දැක්කහම පැනල බද ගන්නවා.
ඒ විතරක් නෙවෙයි, ඒකට අපේ හැඩතල දෙන්නත් උත්සාහ  කරනවා.
මේ ඒ වගේ තවත් වසංගතයක් ගත්ත හැටි.
Audio Blog එකට Link එක පහලින් 

Wednesday 31 October 2012

ගීතයක් කියන්නේ මලක් වගේ කාටත් අසාවෙන් විඳින්න පුළුවන් දෙයක්.
එත් ඒ මල ReMake කරන්න ගිහින් පරවුනොත් ...
Audio Blog එක අහන්න Link එක පහලින් http://yourlisten.com/channel/content/16923897/Charitha_Samaga_17

Thursday 25 October 2012

ඔව් අපි ඕනෑ සින්දුවක්  ReMake කරනවා. එහෙනම් ඇයි සෝමතිලක ජයමහව විතරක් ඉතුරු කරන්නේ.
දුන්න වැඩේ. 
Audio Blog එකට Link එක පහලින්. 

Thursday 18 October 2012

දරු නැළවිලි ගී වෙනුවට Rock Music වලින් බබෙක් නින්දට යවමුද?
Audio Blog එකට Link එක පහලින් 

Tuesday 9 October 2012

Charitha Samaga 14

ලෙඩෙක් සින්දු කියන්න පටන් ගත්තොත් .....?
ඇතැම් අය තමන් ලෙඩෙක් කියල නොදැන සින්දු කියන්න හදනවා.
හැබැයි අහන්නේ ලෙඩ්ඩු නෙවෙයි. 
Audio Blog එකට Link එක පහලින්

Tuesday 2 October 2012

ලංකාවේ ගීත ඝාතකයන්ගේ අලුත්ම බිල්ල මෙන්න! 
අහේතුකව මිනී මරන්නා ජන ඝාතකයෙක්. 
ළමයින්ට අපචාර කරන්නා අපරාධකරුවෙක්. 
ඒවා මහපොලොව නුහුලන අපරාධ. 
එතකොට ජීවත් වෙලා ඉන්න, අපි දශක ගණනාවක් විඳපු ගීයක් මංකොල්ල කනකොට එක මොන වගේ අපරාධයක්ද? 
ඇහැ කන පියාගෙන ඉන්න පුලුවන්ද? 
ගී ඝාතකයාගේ ඊළඟ බිල්ල මොකක්ද? 
Audio Blog එකේ Link එක පහලින් http://yourlisten.com/channel/content/16917877/Charitha_Samaga_13


Monday 24 September 2012

මැජික්කාරයෝ සහ  සර්කස්කාරයෝ  අපට විනෝදය ලබා දෙනවා. හැබැයි ඒගොල්ලෝ කලා නිර්මාණයක් කළා කියල හදුන්වන්නේ නෑ. හේතුව සර්කස්, මැජික්, හන්දියේ තෙල් බේත් වෙළෙන්දෝ කරන දේවල් වල කලා රසයක් නැති හින්ද. හැබැයි විවිධ ශිල්පීය ක්‍රම නිර්මාණයක අගය වැඩි කරන්න හේතු වෙනවා. ඒත් ශිල්පීය ක්‍රම විතරක් තිබුනොත් ...? හන්දියේ තෙල් බේත් වෙළෙඳ ගානටම වැටෙයි නේද? 
Audio Blog එකේ Link එක පහළින්

Tuesday 18 September 2012

සමහරුන්ට එල්ලෙන්න වැලක් නැතිවුනහම මොකක හරි එල්ලෙනවා. හුඟක් වෙලාවට බයිට් එකට ගන්නේ අසරණ මිනිස්සු. මේ එහෙම අසරණ කණ්ඩායමක් උඩින් ගොඩ යන්න හදපු කිසිම තේරුමක් නැති වැඩක්. 
ඉන්දියාවෙන් ආපු ඔක්කොම සින්දු හින්දි නෙවෙයි. ගෝවෙන් ආපු ඉන්දියන් සින්දුවක් අහල තියනවද? 
Audio Blog එකේ Link එක පහලින් 
http://yourlisten.com/channel/content/16915074/Charitha_Samaga_11?rn=lv81gxqaidc0

Wednesday 12 September 2012

අපේ වාසනාවට බයිලා කියන මන්ත්‍රිල වෙනුවට සින්දු කියන අය හිටියේ. 
අහන්න, අහන්න ආසයි 'මන්ත්‍රී ගී නද'-
(ඔබ දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නම් කරුණාකර මෙය අසන්න එපා!)
හින්දියෙන් සිංහලට ආපු තවත් එකක්....
Audio Blog එකේ Link එක පහලින් http://yourlisten.com/channel/content/16913949/Charitha_Samaga_10?rn=4itqd6nmyvwg

Thursday 6 September 2012

අනුන්ගේ සින්දුවක කෑලි තමන්ගේ  සින්දුවකට මාට්ටු කරන එක Day light robbery එකක් නේද? 
සමහර සින්දු වල තියෙන්නේ එක වගේ යන වචන විතරයි. නැත්නම් ශබ්ද රසය විතරයි. කිසිම තේරුමක් නෑ. 
ඒත් ඒ සීමාවේ ඉඳල අර්ථවත් යමක් කරන්න බැරිද? 
කුවේට් වලින් උස්සපු සින්දුවක් අහල තියනවද? 
ලින්ක් එක පහලින්

Saturday 1 September 2012

මේ ඉන්නේ තායිලන්තයේ බෙලෙ නනුටිටා කියන ගායිකාව. 
එයා එක රැයකින් ලෝක ප්‍රසිද්ධ වුනේ ඇයි?
හින්දියෙන් සිංහලට ආපු තවත් ගීතයක් අහමු.
Link එක පහළින්.

Sunday 26 August 2012

ලංකාවේ තහනම් කෙරුණු අලුත්ම හඬ මතකද?
ගීතයකය මැද්දට දෙපිට කැපෙන වචන දැම්මහම ලස්සනද? ගෑනු විතරද වල්කම් කරන්නේ? කසිප්පු පෙරන්නේ? කාන්තාවන් විවේචනය කරන්න තරම් පිරිමින්ට තියෙන අයිතිය මොකක්ද?
හින්දි ගීත කොපි කලේ ජෝතිපාල විතරද?
අහල බලන්න.
Link එක පහලින්.

Tuesday 21 August 2012

ඔලිම්පික් උත්සවයේ ක්‍රීඩා අංශ වගේම එකේ ආරම්භක සහ අවසාන අවස්ථා අපට අමතක කරන්න බැහැ. දැන් හැම ක්‍රීඩා උත්සවයකටම තේමා ගීතයක් නිර්මාණය වෙනවා. ඒත් ඒවායෙන් කීයක් අපට මතක තියනවද? ඒකට හේතුව මොකක්ද? ඒත් අමතක කරන්න බැරි ක්‍රීඩා තේමා ගීත තියනවා නේද? 
චීනයෙන් පටන් අරන් තායිවානය, ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට ගිය ගීතයක් අහල තියෙනවද? 

Monday 13 August 2012

ඔබට ආදරේ දැනෙන්නේ කොහොමද? අල ගෙඩියක් වගේ තම්බන්න පුලුවන්ද? සමහර වෙලාවට ඔබට බැරුව ඇති. නමුත් පුළුවන් එක්කෙනෙක් මේ. ඒ විතරක් නෙවෙයි ආදරේ වෙනුවෙන් එයට ගොඩක් අපූරු  වැඩ පුළුවන්.
රටකින් රටකට විතරක් නෙවෙයි පරම්පරාවෙන් පරම්පරාවට ගිය හින්දි ගීතයක් මේ. 
Link එක පහලින්.

Wednesday 8 August 2012

අවුරුද්ද අපිට වටින්නේ ඇයි? තව දුරටත් එකේ වටිනාකමක් තියෙනවද? තියෙනවනම් මොකක්ද ඒ වටිනාකම? 
අවුරුද්ද එක්ක එන හඬ වර්ග කොච්චර තියෙනවද? අවුරුදත් එක්ක එන පාරම්පරික ජනගී උරුමයන් තවදුරත් රැක ගත යුතුද? ඒ ඇයි? 
ඒවා අපිට හිතෙන විදිහට වෙනස් කරන්න බැරි ඇයි? ඒ වෙනස වෙන්න ඕනෑ කොහොමද? ඒ ගැන කතා කරමු. 
එක හින්දි ගීතයකින් හැදුනු සිංහල ගීත දෙකක් අහල තියෙනවද?

Sunday 5 August 2012

Reality Shows ලංකාවේ ටෙලිවිෂන් වල අනිවාර්ය අංගයක්. ඒ හින්ද ඒවාට තියෙන්නේ පුදුම උනන්දුවක්. ඇතැම් අය හිතන්නේ Realty Show නිවැරිදිම දක්ෂයෝ තෝරලා දෙන පින් අතේ වැඩක් කියල. 
ඒවාට සහභාගී වෙන අයට අමතරව විනිසුරු මඩුල්ලකුත් ඉන්නවා. ඒ අය කවුද කියන එක වෙනම ප්‍රශ්නයක්. බරපතලම ප්‍රශ්නය තමයි ඒ ගොල්ලෝ දෙන උපදෙස්. මේ එහෙම දීපු රත්තරන් උපදෙසක් හින්ද තරුණයෙක් නොමග යන හැටි. 
සිංහලට ආපු තවත් හින්දි සින්දුවක් අහමු.
පහල තියෙන්නේ ඒකෙ Link එක.

Wednesday 1 August 2012

කාන්තාවකට වඩාත්ම අපහාස කල ප්‍රකාශනයක් මේ. ගීතයක් කියන්න නම් කොහෙත්ම බැහැ. ලොකුම විහිලුව මේ අපහාසය කරන්නේ තමන්ගේ පෙම්වතියට. යොදාගන්නේ ලෝක ප්‍රකට Reggae සංගීත ශෛලය.  නියම ජරාවක්! එත් ලංකාවේ කාන්තා හිමිකම් ක්‍රියාකරිනියෝ තවම මේ ගැන කතා කතා නෑ! 
ලංකාවට සංක්‍රමණය වෙච්ච තවත් හින්දි ගීතයක් අහමුද? 
පහලින් තියෙන්නේ ඒ ගෙන කතා කරන්න දරපු උත්සාහයට Link එක. 

http://yourlisten.com/channel/content/16900679/Charitha_Samaga_02?rn=rvaxocuvh79c

Sunday 29 July 2012


රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු පසුගියදා  ස්වාධීන රූපවාහිනියෙන් කල ඉදිරිපත් කිරීමක් පිළිබඳව  FaceBook හා YouTube ඔස්සේ බොහෝ දෙනෙක් කතා කළා. ඒත් ඒ විහිළුව ඇත්තටම තේරුම් ගත්තද? එතකොට ගිහාන් කරන්නේ මොකක්ද? 
ගීතයක් රටකින් රටකට සංක්‍රමණය වන්නේ කොහොමද? එහෙම වෙනකොට මුල් නිර්මාණයට මොකද වෙන්නේ?
අපි කතා කරමු. ඒ ගැන Audio Blog එකට Link එක පහලින්.


http://yourlisten.com/channel/content/16898923/Charitha_Samaga_01?rn=g8vhh39li3gg